Home » ලංකාව සුනාමියකට මුහුණ දීමට ගෙන ඇති පියවර ගැන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

ලංකාව සුනාමියකට මුහුණ දීමට ගෙන ඇති පියවර ගැන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

by chanaka
November 7, 2024 11:14 am 0 comment

2024 වර්ෂයේදී ඇති වූ ඉන්දියන් සාගර සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාව ගොදුරු වී 2024 වර්ෂයට වසර 20 ක් සපිරේ.

2024 වර්ෂයේ, ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ශ්‍රී ලංකාව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්තිමය, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් සහ අධ්‍යාපනික වශයෙන් විවිධ පාර්ශව ගෙන ඇති පියවර පිළිබඳව සොයාබැලීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පසුගිය 04 වැනිදා පැවැත්විනි

සුනාමි ව්‍යසනය හේතුවෙන් සිදු වූ ජීවිත හානී, සමාජ, ආර්ථික සහ පාරිසරික හානිය ඉතා විශාල වේ.

එබැවින්, සුනාමි ව්‍යසනයකදී ජන ජීවිතයට ඇති කරනු ලබන පීඩනය යථාතත්වයට පත්කිරීමත්, නැවත මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකදී සිදුවිය හැකි හානි අවමකර ගැනීමත් අරමුණ කරගනිමින් 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී සෑම වර්ෂයකම නොවැම්බර් 05 වැනි දින ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය වශයෙන් නම් කළේය.

2015 වර්ෂයේ සිට සෑම වර්ෂයකම නොවැම්බර් 05 දිනය සුනාමි ආපදා සුරක්ෂිතාව තවහුරු කර ගැනීම ලෝක අවධානය යොමු කිරීමට ලොව සෑම රටක්ම කටයුතු කරනු ලබයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT