Home » මීදුම් තත්ත්වය පහව යයි

මීදුම් තත්ත්වය පහව යයි

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

උපාලි කරු­ණා­රත්න

දිව­යිනේ වායු­ගෝ­ලයේ ඊයේ (06) මීදුම් වැනි තත්ත්ව­යක් දක්නට ලැබුණු අතර මෙම තත්ත්වය අද (07) දින­යෙන් පසුව පහව යනු ඇති බව ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේම­සිරි මහතා පැව­සීය.

සාමා­න්‍ය­යෙන් සෑම වර්ෂ­ය­කම මෙම කාල­ව­ක­වා­නුවේ පව­තින සුළං රටාව අනුව ශ්‍රී ලංකා­වට උතුරු දෙසින් ඇති රට­වල් දෙසින් හමන සුළ­ඟත් සමඟ පැමි­ණෙන දූවිලි අංශු ප්‍රමා­ණ­යන් නිසා මෙරට වායු­ගෝ­ලයේ මෙවන් තත්ත්ව­යන් ඇති වන බව ද ඔහු සඳ­හන් කළේය. ඊයේ (11) පැවැති එම තත්ත්වය අද පස්ව­රුව වන විට පහව යනු ඇතැයි සිතන බව ද කී සරත් ප්‍රේම­සිරි මහතා ඊසාන දිග මෝසම් කාලය තුළ වරි­න්වර මෙවැනි තත්ත්ව­යන් ඇති විය හැකි බව ද කීය. මෙම තත්ත්වය වඩා අන්ත­රා­කාරී තත්ත්ව­ය­කට පැමිණේ නම් මධ්‍යම පරි­සර අධි­කා­රිය ඒ පිළි­බඳ ජන­තාව දැනු­වත් කරණු ඇති බවද සරත් ප්‍රේම­සිරි මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT