Monday, April 21, 2025
Home » අග­මැ­ති­නිය සහ අධි­ක­රණ අමා­ත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් අතර හමු­වක්

අග­මැ­ති­නිය සහ අධි­ක­රණ අමා­ත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් අතර හමු­වක්

by Gayan Abeykoon
November 7, 2024 1:08 am 0 comment

අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සහ අධි­ක­රණ අමා­ත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් අතර හමු­වක් අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ දී පෙරේදා (05) පැවැ­ත්විණි.  එහිදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ හා එම අමා­ත්‍යාං­ශය යටතේ පව­තින ආය­ත­න­වල ප්‍රග­තිය පිළි­බ­ඳව එහිදී සාකච්ඡා කෙරිණි.   රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ පරී­ක්ෂණ වාර්තා ලබා­දීමේ ධාරි­තා­වය තව­දු­ර­ටත් වැඩි කිරීම සහ නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ කට­යුතු පිළි­බ­ඳව මෙම සාක­ච්ඡා­වේදී විශේෂ අව­ධා­නය යොමු විය. නීති­පති ජනා­ධි­පති නීතිඥ පාරින්ද රණ­සිංහ, අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, අධි­ක­රණ, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර, සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ අයේෂා ජින­සේන, නීති කෙටු­ම්පත් සම්පා­දක ජනා­ධි­පති නීතිඥ, දිල්රුක්ෂි සම­ර­ජීව, රජයේ රස පරී­ක්ෂක සන්ධ්‍යා රාජ­පක්ෂ, බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය, පුන­රු­ත්ථා­පන කොම­සා­රිස් ජන­රාල් මේජර් ජන­රාල් (විශ්‍රා­මික) දර්ශන හෙට්ටි­ආ­රච්චි මහත්ම මහ­ත්මීන් ඇතුළු අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රීන් හා අමා­ත්‍යාං­ශය යටතේ පව­තින ආය­ත­න­වල ප්‍රධා­නීන් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT