Home » සැක­ක­රුව කොල්ලකෑ SI-සැර­යන් ඇතුළු 3ක් අත්අ­ඩං­ගු­වට
ගම්පහ මූල්‍ය ආය­ත­න­යක් කොල්ල­කෑම

සැක­ක­රුව කොල්ලකෑ SI-සැර­යන් ඇතුළු 3ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
November 7, 2024 1:24 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ, ගම්පහ අධි­ක­රණ - උපාලි රණ­වීර

ගම්පහ පිහිටි මූල්‍ය ආය­ත­න­යක සිදුවූ කොල්ල­යක් සම්බ­න්ධ­යෙන් කළ විම­ර්ශ­න­යක් අත­ර­තුර පුද්ග­ල­යකු සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන නීති විරෝධී ලෙස දින 06ක් රඳවා ගනි­මින් ඔහු සතු දේපළ හා මුදල් කොල්ලකෑ බව කියන ගම්පහ පොලි­සියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානා­ධි­පති ලෙස සේවයේ නිර­තව සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සහ සැර­ය­න්ව­ර­යකු සමඟ ව්‍යාපා­රි­ක­යකු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය මඟින් පෙරේදා (05) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් දෙදෙ­නාම සේවයේ නිර­තව සිටියේ වැලි­වේ­රිය පොලිස් ස්ථාන­යට අනු­යු­ක්ත­වය. ව්‍යාපා­රි­කයා දොඩං­ගොඩ, ගංඉම පදිං­චි­ක­රු­වෙකි.

වයස අවු­රුදු 35ක් වන උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යාත් වයස අවු­රුදු 39ක් වන සැර­ය­න්ව­ර­යාත් 53 හැවි­රිදි ව්‍යාපා­රි­ක­යාත් ගම්පහ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා හමු­වට ඊයේ (06) ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර ඇත. එදි­නට හඳුනා ගැනීමේ පෙර­ට්ටු­වක් පැවැ­ත්වී­මට ද නියෝග කර තිබේ.

මෙම සිදු­වීම වී ඇත්තේ 2021 වස­රේ­දීය. ගම්පහ පිහිටි මූල්‍ය ආය­ත­න­ය­කට අවි ආයුධ රැගෙන කඩා­වැ­දුණු දෙදෙ­නකු එම වසරේ ජූලි 15 වැනිදා රුපි­යල් කෝටි ගණ­නක මුද­ලක් හා රන් භාණ්ඩ කොල්ලකා තිබිණි. ඒ සම්බ­න්ධ­යෙන් පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක්ම විම­ර්ශන පව­ත්වන අත­ර­තුර අත්අ­ඩං­ගු­වට ගත් ගම්පහ පොලි­සියේ දූෂණ මර්දන අංශයේ ස්ථානා­ධි­පති සහ සැර­ය­න්ව­රයා එම කොල්ලය සම්බ­න්ධ­යෙන් සැක­පිට යැයි කියා පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එම වසරේ අගෝස්තු 01 වැනි­දාය. බදුල්ල, තල්දෙන ප්‍රදේ­ශ­යට ගොස් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඔහු සම්බ­න්ධ­යෙන් වූ කල්ක්‍රි­යාව හා හැසි­රීම ගැන තිබුණු තොර­තුරු පද­නම් කර­ගෙ­නය.

මෙම පුද්ග­ල­යාව අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව මෙම පොලිස් නිල­ධා­රීන් ඔහුට අයත් බව කියැ­වෙන දොම්පේ, සම­න­ල­බැද්දේ පිහිටි නිවෙ­ස­කට ගොස් නිවෙස පරික්ෂා කර බලා එහි තිබුණු මුදල් එකතු කර ඇති කැට පවා කඩා ඒ තුළ තිබූ මුදල් ද ඇතු­ළුව රුපි­යල් 283,500ක මුද­ලක් ද රන් භාණ්ඩ කිහි­ප­යක් ද ලබා­ගෙන තිබේ. අන­තු­රුව මෙම පුද්ග­ල­යාට අයත් බැංකු කාඩ්ප­තක් ද රැගෙන ඔහුව බැංකු­වක ඒ.ටී.එම්. යන්ත්‍ර­යක් වෙත රැගෙන ගොස් රුපි­යල් 145,000ක මුද­ලක් ද ඔහු මඟින් ලබා­ගෙන ඇත. මෙම පුද්ග­ලයා හා සම්බ­න්ධ­කම් පව­ත්වන කේරළ ගංජා ජාවා­ර­ම්ක­රු­වකු ද ගෙන්වා­ගෙන ඔහු­ගෙන් ද රුපි­යල් ලක්ෂ 09ක මුද­ලක් මෙම පොලිස් නිල­ධා­රීන් දෙදෙනා ලබා­ගෙන ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ.

මේ සියල්ල අව­සා­නයේ මෙම පුද්ග­ල­යාව අත්අ­ඩං­ගු­වට ගත් බව සට­හන් තබ­මින් ගම්පහ පොලි­සි­යට ඉදි­රි­පත් කර ඇත්තේ 2021 වසරේ අගොස්තු 06 වැනි­දාය. ඒ ගම්පහ දුම්රිය ස්ථානය අස­ලදී ගංජා කිලෝ 02යි ග්‍රෑම් 270ක් සහ තුවක්තු කොට­සක් ඔහු සතුව තිබී හමුවූ බව පව­ස­මිනි. වෙන කිසිදු චෝද­නා­වක් ඔහුට එහිදී ඉදි­රි­පත් කර නැති බව සඳ­හන්ය. අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඇප මත නිද­හස් වීමෙන් අන­තු­රුව මෙම පුද්ග­ලයා ගම්පහ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යාට පැමි­ණිලි කර­මින් පොලිස් නිල­ධා­රීන් තමාව බදු­ල්ලේදී අත්අ­ඩං­ගු­වට ගෙන මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා බොරු ගංජා නඩු­වක් පැට­ලවූ බව සඳ­හන් කර ඇත. මෙම පැමි­ණිල්ල ගැන පොලි­ස්ප­ති­ව­ර­යාව දැනු­ම්වත් කර­මින් ගම්පහ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා ඉල්ලී­මක් කර ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් පුළුල් විම­ර්ශ­න­යක් මේ සම්බ­න්ධ­යෙන් පව­ත්වන ලෙසය.

ඒ අනුව සිදු කළ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙම පොලිස් නිල­ධා­රීන් දෙදෙනා හා ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT