Home » විදේ­ශ­ගත නොවන බවට සුරා­බදු ලොක්කන් දුන් ප්‍රති­ඥාව දිගු­වෙයි
ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නියෝග නොතකා මත්පැන් බල­පත්‍ර නිකුත් කිරීම:

විදේ­ශ­ගත නොවන බවට සුරා­බදු ලොක්කන් දුන් ප්‍රති­ඥාව දිගු­වෙයි

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

විදේ­ශ­ගත නොවන බවට හිටපු සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් එම්. ජේ. ගුණ­සිරි මහතා ඇතුළු සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් සිව්දෙ­නකු විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ලබා දී ඇති ප්‍රති­ඥාව ලබන වසරේ ජන­වාරි මස 20 වැනිදා තෙක් බල­ප­ව­ත්වන පරිදි ඊයේ (06) දීර්ඝ කරන ලදි.

නව මත්පැන් බල­පත්‍ර නිකුත් නොක­රන ලෙසට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් පසු­ගි­යදා දෙන ලද නියෝ­ග­යක් නොතකා හරි­මින් කට­යුතු කිරීම මඟින් සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඇතුළු හත­ර­දෙ­නකු අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බැවින් ඔවුන්ට එරෙ­හිව විභා­ග­යක් පවත්වා දඬු­වම් නියම කරන ලෙස ඉල්ලා ගොනු­කර ඇති පෙත්ස­මක් විභා­ග­යට ගත් අව­ස්ථා­වේදී මේ බව ප්‍රකාශ කරන ලදි.

මුර්දු ප්‍රනාන්දු , ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේ­සේ­කර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳ­වන ලදි.

එහිදී මෙහි දෙවන වග­උ­ත්ත­ර­කරු ලෙස නම් කර සිටින අති­රේක සුරා­බදු කොම­සා­රි­ස්ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයා­රත්න මහතා සඳ­හන් කර සිටියේ සිය සේවා­දා­ය­කයා මෙම මත්පැන් නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලි­යට කිසිදු සම්බ­න්ධ­යක් නොමැති අයකු බවය. සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තු­වෙහි සේවය කළ කාලය තුළ මත්පැන් බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් ඔහු කිසිදු කට­යු­ත්තක් කර නොමැති බවද එම ක්‍රියා­ව­ලි­යට ඔහුගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවද නීතී­ඥ­ව­රයා සඳ­හන් කළේය.

එසේ තිබි­යදී අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩු­වක පාර්ශ්ව­ක­රු­වකු ලෙස ඔහු නම් කිරීම මඟින් විශාල අග­ති­යක් සිදුවී ඇති බවද නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.එබැ­වින් මෙම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ පැමි­ණි­ල්ලට අදාළ ක්‍රියා­ව­ලි­යෙන් නිද­හස් කරන ලෙස නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

එහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සාලිය පීරිස් මහතා සඳ­හන් කර සිටියේ දෙවන වග­උ­ත්ත­ර­කරු සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ කවර තන­තු­රක් දැරු­වද අධි­ක­රණ විසින් දෙන ලද නියෝ­ගය අනුව කට­යුතු කිරී­මට ඔහුට බැඳී සිටින බවය. එබැ­වින් ඔහු මෙම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩුවේ වග­උ­ත්ත­ර­ක­රු­වකු ලෙස නම් කළ බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ විනි­සුරු මුර්දු ප්‍රනාන්දු මහ­ත්මිය සඳ­හන් කළේ එම වග­උ­ත්ත­ර­කරු  මෙම නඩු­වෙන් මුදා හැරීම සම්බ­න්ධ­යෙන් මේ අව­ස්ථා­වේදී නියෝ­ග­යක් කළ නොහැකි බවය. කෙසේ වුවද පෙත්සම සම්බ­න්ධ­යෙන් කරුණු තහ­වුරු කිරීම සඳහා පෙත්සම් කාර පාර්ශ්ව­යට අව­සර ලබා දීමට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය.

ඒ අනුව අදාළ කරුණු තහ­වුරු කිරීම ලබන වසරේ ජන­වාරි මස 20 වැනිදා සිදු කිරී­මට නියම කෙරිණ.

අලු­තින් සුරා­බදු බල­පත්‍ර නිකුත් නොක­රන ලෙස අතුරු තහ­නම් නියෝ­ග­යක් පනවා තිබි­යදී නව බල­පත්‍ර හත­රක් නිකුත් කිරී­මට කට­යුතු කිරීම මඟින් හිටපු සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඇතුළු සිව්දෙ­නකු මඟින් අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් කර ඇති බවට පැමි­ණිලි කර­මින් ගම්පොළ ප්‍රදේ­ශයේ පදිංචි ගිහාන් ශවින්ද්‍ර ප්‍රනාන්දු විසින් මෙම පෙත්සම ගොනු­කර තිබේ.

එම­ඟින් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නියෝග උල්ලං­ඝ­නය කර­මින් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් හතර දෙනාට එරෙ­හිව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 105(3) වග­න්තිය යටතේ සුදුසු නීති­මය පිය­වර ගන්නා ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා ඇත.

කෙසේ වුවද මෙම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩුවේ වග උත්තර කරු­වන් වන සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් එම්. ජේ. ගුණ­සිරි, එහි අති­රේක අධ්‍යක්ෂ ජන­රාල් ඒ. එම්. පී. අර­ම්පත් සහ නියෝජ්‍ය සුරා­බදු කොම­සා­රි­ස්ව­රුන් වූ කේ, ධර්ම­සී­ලන් සහ සී.ජේ.ඒ. වීර­ක්කොඩි යන අය විදෙ­ස්ග­ත­වීමේ සූදා­න­මක් ඇති බවට තමන්ට තොර­තුරු ලැබී ඇති බව සඳ­හන් කර­මින් පෙත්ස­ම්කරු මීට පෙර ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මෝස­මක් ඉදි­රි­පත් කළේය.

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ගොනු කර ඇති නඩුව මඟ­හැ­රීමේ අර­මු­ණින් ඔවුන් විදෙ­ස්ගත වන බවද මෝස­මෙහි සඳ­හන් විය.

එම මෝසම කැඳවූ අව­ස්ථා­වේදී නොවැ­ම්බර් මස 10වැනිදා තෙක් විදේශ ගත නොවන බවට හිටපු සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් සිය නීති­ඥ­ව­රයා මඟින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ප්‍රති­ඥා­වක් ලබා දී තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT