Home » අල්ලස් සිද්ධි­ය­කට ඇල්ලූ නැඟෙ­න­හිර පළාත් නියෝජ්‍ය ආදා­යම් කොම­සා­රිස්ට ඇප

අල්ලස් සිද්ධි­ය­කට ඇල්ලූ නැඟෙ­න­හිර පළාත් නියෝජ්‍ය ආදා­යම් කොම­සා­රිස්ට ඇප

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

කල්පනි අබේ­සිංහ

මඩ­ක­ල­පුව ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු මිලට ගත් ඉඩ­මක තක්සේරු වටි­නා­කම අඩු කර රජයේ මුද්දර ගාස්තු අවම කර­දී­මට රුපි­යල් ලක්ෂ දෙකක අල්ල­සක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි නැඟෙ­න­හිර පළාත් ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රයා රුපි­යල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා­හැ­රී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (05) නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා­හ­රින ලෙසට නියෝග කරනු ලැබුවේ නැඟෙ­න­හිර පළාත් ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය කොම­සා­රිස් අබ්දුල් කාති මොහො­මඩ් යන සැක­ක­රුය.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම විසින් සැක­කරු පසු­ගිය මස 9 දින අත්අ­ඩං­ගු­වට ගෙන මඩ­ක­ළ­පුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඉකුත් 22 වන දින කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබ සිටි­යේය.

මඩ­ක­ළ­පුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය, පෙර නඩුව කැඳවූ අව­ස්ථා­වේදී කරනු ලැබූ නියෝ­ග­ය­කට අනුව ඉකුත් (22 ) දින කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රයා හමු­වට සැක­කරු යොමු කළ බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැන්වීය.

සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම සඳ­හන් කර සිටියේ මඩ­ක­ළ­පුව, වෙන්ක­ල්අඩි ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු විසින් රුපි­යල් කෝටි­යක මිල­කට ලබා­ගත් පර්චස් 65 ඉඩම සඳහා රජයේ මුද්දර ගාස්තු ලෙස රුපි­යල් ලක්ෂ හයක මුද­ලක් ගෙවා තිබි­යදී, සතු­රු­කො­ණ්ඩාන් ප්‍රදේ­ශයේ පිහිටි එම ඉඩම රුපි­යල් දෙකෝටි හැට­ප­න්ල­ක්ෂ­යක් වටිනා බවට තක්සේරු කර ඇති ආදා­යම් දෙපා­ර්ත­මේන්තු කාර්යා­ලය අම­තර දඩ මුද­ලක් රජ­යට ගෙවන ලෙසට පැමි­ණි­ලි­ක­රුට දැනුම් දී ඇති බවය. රජයේ ගාස්තු ලෙස රුපි­යල් 850,000ක මුද­ලක් දඩ­යක් ලෙස ගෙවිය යුතු බවත් දන්වා ඇති බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැන්වීය.

එම දඩය ලක්ෂ දෙක දක්වා අඩු­කර දීමට රුපි­යල් ලක්ෂ දෙකක අල්ල­සක් ඉල්ලා ලබා ගත්තේ යැයි සැක­යට කොම­සා­රි­ස්ව­රයා අත්අ­ඩං­ගු­වට ගත් බවට  කරුණු ඉදි­රි­පත් වී ඇති බව ද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­කරු ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට නියෝග කළේය. රුපි­යල් 25,000ක දඩ මුද­ලක් ද නියම කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT