Sunday, April 20, 2025
Home » අංශ­භාග සැමියා බලා සිටි­යදී බිරිය මරා රන්බඩු පැහැ­ර­ගෙන

අංශ­භාග සැමියා බලා සිටි­යදී බිරිය මරා රන්බඩු පැහැ­ර­ගෙන

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

අංශ­භාග තත්ත්ව­යෙන් පසු­වන සැමියා බලා සිටි­යදී රෙදි කඩ­කින් බිරි­යගේ ගෙල සිර­කර ඝාත­නය කර රන් භාණ්ඩ කොල්ල­කෑ­මක් සම්බ­න්ධ­යෙන් තලා­තු­ඔය පොලි­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

තලා­තු­ඔය, උඩු­දෙ­ණිය ප්‍රදේ­ශ­යෙන් මෙම අප­රා­ධය පෙරේදා (05) වාර්තා විය.

ඝාත­න­යට ලක්ව ඇත්තේ සිතිත් ආබිදා නමැති 70 හැවි­රිදි දෙදරු මවකි.

මිය­ගිය කාන්තාව අසූ හැවි­රිදි සැමියා සමඟ නි‍ෙවසේ වාසය කරන තිබෙන බවත් ඔවුන්ගේ එක් දරු­වකු නි‍ෙවස ආස­න්නයේ පදිං­චිව සිටින බවත් පොලි­සිය පව­සයි.

පුද්ග­ල­යන් දෙදෙ­නකු පෙරේදා (05) අලු­යම 4.00ට පමණ මෙම නි‍ෙව­සට පැමිණ තිබෙන බවට පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී තිබේ. තම මව රන් මාල­යක් සහ කරාබු කුට්ට­මක් පැලඳ සිටි බව ඝාත­න­යට ලක් වූ කාන්තා­වගේ පුතා පොලි­සි­යට පවසා ඇත.

බිරිය ඝාත­නය වන අව­ස්ථාවේ දැඩි අස­නීප තත්ත්ව­යෙන් පසු­වන සැමියා ද එම කාම­ර­යේම සිට ඇති අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට හැකි තත්ත්වයේ ඔහු නොසි­ටින බව පොලි­සිය පව­සයි.සිද්ධි­යට සම්බන්ධ පුද්ග­ල­යන් මත්කුඩු භාවි­ත­යට ඇබ්බැ­හි­වූ­වන් බවට පොලි­සිය සැක කරයි. කාන්තාව විසින් ඔවුන් හඳුනා ගැනීම නිසා මෙම ඝාත­නය සිදු කර­න්නට ඇතැයි අනු­මාන කරන බව පොලි­සිය පව­සයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් තලා­තු­ඔය පොලි­සිය වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT