Home » සැක­ක­රු­ව­කුගේ බිරි­ය­ක­ගෙන් රු.1000ක් උදු­රා­ග­ත්තැයි කොස්තා­ප­ල්ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට

සැක­ක­රු­ව­කුගේ බිරි­ය­ක­ගෙන් රු.1000ක් උදු­රා­ග­ත්තැයි කොස්තා­ප­ල්ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

මන්නා­රම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වන නඩු­ව­කට ඉදි­රි­පත් කිරී­මට බන්ධ­නා­ගා­රයේ සිට  ගෙනා සැක­ක­රු­ව­කුට ආහාර ලබා­දී­මට සූදා­නම් වූ ඔහුගේ බිරි­ය­ගෙන් රුපි­යල් 1,000ක මුද­ලක් බල­හ­ත්කා­ර­යෙන් ලබා­ගත් බව කියන බන්ධ­නා­ගාර නියා­ම­ක­ව­ර­යකු මන්නා­රම පොලි­සිය විසින් පෙරේදා (05) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඉලු­ප්පු­ක­ඩචෛ පොලිස් ස්ථානය මඟින් පව­රන ලද නඩු­ව­කට අදාළ සැක­ක­රු­ව­කුගේ බිරි­ය­ක­ගෙන් මෙසේ මුදල් ලබා­ගෙන ඇති බව මන්නා­රම පොලි­සිය සඳ­හන් කළේය.

මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්කර සිටි සැක­ක­රුගේ බිරි­යට සිය සැමියා මුණ ගැසී කතා කිරී­ම­ටත් ආහාර ලබා­දී­ම­ටත් මෙම රුපි­යල් 1,000ක මුදල බන්ධ­නා­ගාර නියා­ම­ක­ව­රයා බල­හ­ත්කා­ර­යෙන් ලබා­ගන්නා අයුරු උසා­විය භාරව සිටි පොලිස් කොස්තා­ප­ල්ව­රයා දැක ඇති බවද කියති.

පොලිස් කොස්තා­ප­ල්ව­රයා ඒ ගැන පොලිස් ස්ථාන­යට කළ පැමි­ණි­ල්ල­කට අනුව විම­ර්ශන පවත්වා සැක­පිට බන්ධ­නා­ගාර නියා­මක අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඒ වන විට ඔහු සතුව තිබී රුපි­යල් 6,950ක මුද­ලක් හමුවූ බවද පොලි­සිය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT