Wednesday, April 23, 2025
Home » මාන­සික තත්ත්වය හොඳ අතට හැරුණු සැක­කරු යළි රිමාන්ඩ්
බාල එන්නත් නඩුව:

මාන­සික තත්ත්වය හොඳ අතට හැරුණු සැක­කරු යළි රිමාන්ඩ්

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

දෙව්නි මහ­ග­මගේ

ප්‍රමි­ති­යෙන් තොර ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් හා රිටො­ක්සි­මැප් නමැති ප්‍රති­දේහ එන්නත් සැපයූ බව කියන සුදත් ජානක යන සැක­ක­රුගේ මාන­සික සෞඛ්‍ය තත්ත්වය යහ­පත් අතට පත්වී ඇති බවට සඳ­හන් වෛද්‍ය වාර්තාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති බැවින් සැක­කරු නැවත රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම වීර­සිංහ මහ­ත්මිය පෙරේදා (05) නියෝග කළාය. ඉදි­රි­පත් වූ වෛද්‍ය වාර්තාවේ 22 හා 23 යන ඡේද­යන් තාව­කා­ලි­කව ඉවත් කොට එම සම්පූර්ණ වාර්තාව මුද්‍රා කොට අධි­ක­ර­ණයේ සේප්පුව තුළ තැම්පත් කිරී­මට ද නියෝග කළාය.

එම වෛද්‍ය වාර්තාවේ 22 හා 23 යන ඡේද­වල සැක­ක­රුගේ මාන­සික තත්ත්ව­යන්ට කිසි­සේත් අදාළ නොවන කරුණු ඇති බවත් බාහිර පාර්ශ්ව­යන්ට අවශ්‍ය නොවන කරුණු අඩං­ගු­වීම හේතු­වෙන් අධි­ක­ර­ණය මෙම ඡේද­යන් තාව­කා­ලි­කව ඉවත් කිරී­මට නියෝග කළේය.

නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මහ­ත්මි­යට හදිසි අව­ශ්‍ය­තා­වක් හේතු­වෙන් ඊයේ දින අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටී­මට නොහැකි වීම නිසා මෙම නඩුව කෙටි දිනක නැවත කැඳ­වන ලෙස සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඉල්ලීම සලකා බැලූ අධි­ක­ර­ණය නැවත නඩුව ලබන 11 දින කැඳ­වී­මට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT