Home » ගාල්තැන්න දේවා­ලයේ කපු­වාගේ වාහන අංග­ණයේ තවත් මොන්ටෙ­රෝ­වක්

ගාල්තැන්න දේවා­ලයේ කපු­වාගේ වාහන අංග­ණයේ තවත් මොන්ටෙ­රෝ­වක්

by Gayan Abeykoon
November 7, 2024 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

ගාල්තැන්න දේවා­ලයේ කපු­වාට අයත් අම්පි­ටිය, ගාල්තැන්නේ පිහිටි වාහන අංග­ණයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ­යක් සොයා ගත් බව තෙල්දෙ­ණිය කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පව­සයි.

පොලි­සිය භාර­යට ගත් ජීප් රථයේ තිබූ අංක තහ­ඩුව මෝටර් රථ ලියා­ප­දිංචි දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු­කර සිදු­කළ විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇත්තේ එම අංක­යට නිත්‍යා­නු­කූ­ලව ලියා­ප­දිංචි කළ මෝටර් රථය කුලි­යා­පි­ටිය ප්‍රදේ­ශයේ කෝටි­පති ව්‍යාපා­රි­ක­ය­කුට අයත් බවයි.

පොලි­සිය ඔවු­ගෙන් ද ප්‍රකා­ශ­යක් සට­හන් කර ගැනී­මෙන් අන­තු­රුව ඊයේ (06) පස්ව­රුවේ ගාල්තැන්න දේවාල පරි­ශ්‍රයේ වූ වාහන අංග­ණයේ තිබී අදාළ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථය පොලි­සිය භාර­යට ගෙන තිබේ.

මෙම වාහන අංග­ණයේ මොන්ටෙරෝ හා ප්‍රාඩෝ ජීප් රථ ද ඩිෆෙ­න්ඩර් හා කාර් රථ ද ඇතුළු වාහන 12ක් තිබෙන බව පොලි­සිය පව­සයි.

එම වාහ­න­වල අංක මෝටර් රථ ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තු­වට යොමු­කර වාර්තා­වක් ලබා ගැනී­මට පොලි­සිය කට­යුතු කර ඇත.

තෙල්දෙ­ණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීතිඥ රොෂාන් අම­ර­සිංහ මහ­තාගේ සහ සහ­කාර පොලිස් අධි­කාරි අංග­ම්මන මහ­තාගේ උප­දෙස් මත තෙල්දෙ­ණිය කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දිසා­නා­යක මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ පැවැ­ත්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT