Saturday, April 19, 2025
Home » පරාජය වූ හැරිස් සිය ආධාරකරුවන් අමතයි

පරාජය වූ හැරිස් සිය ආධාරකරුවන් අමතයි

by chanaka
November 7, 2024 3:25 pm 0 comment

අමෙරිකානු උප ජනපති කමලා හැරිස් වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ පියගැටපෙළ මතදී තම ආධාරකරුවන් අමතමින් සංවේදී දේශනයක් පවත්වා තිබේ.

එහිදී ඇයට සහාය දුන් අයට කෘතඥතාව පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ, අමෙරිකාවේ දීප්තිමත් අනාගතයක් සඳහා සටන් කිරීම අත් නොහරින ලෙසයි. එසේම බලාපොරොත්තු සුන් කර නොගන්නා ලෙසද ඇය සදහන් කර ඇත.

පාලන බලය පැවරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවද කමලා හැරිස් පවසා තිබේ.

ඇය සිය ප්‍රචාරක විද්‍යුත් තැපෑල හරහා ද ඇගේ ආධාරකරුවන්ට එම අදහස් යවා ඇති බව සඳහන්වේ.

මැතිවරණයේ ප්‍රතිඵලය ඔවුන්ට අවශ්‍ය දේ නොවන බව ඇය පිළිගන්නා නමුත්, අමෙරිකාවේ පොරොන්දුවේ ආලෝකය සෑම විටම දීප්තිමත්ව දැල්වෙනු ඇති බවත් ඇය එහිදී සඳහන් කර තිබේ.

ඩිමොක්‍රටිකයන් සියලු දෙනා කිසි විටෙකත් අත් නොහරිමින් සටන් කළ යුතු බව ඇය තවදුරටත් පවසා ඇත.

මේ අතර කමලා හැරිස් 2025 ජනවාරි 20 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජේඩී වැන්ස් වෙත බලය පැවරෙන තෙක් ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ උප ජනපති ලෙස ඉතිරි කාලය තුළ ධූරයේ කටයුතු දියටම කරගෙන යනු ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT