Sunday, April 20, 2025
Home » ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

by chanaka
November 7, 2024 8:44 am 0 comment

ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය චීනයේ විදේශ ප්‍රතිපත්තිය හෝ චීන-ඇමරිකා සම්බන්ධතාවයට කෙසේ බලපා හැකි දැයි එහිදී මාධ්‍යවේදියෙක් විමසීය.

ඊට පිළිතුරු ලබා දෙමින් ඇය පැවසුවේ ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීම යන මූලධර්මයට අනුකූලව අඛණ්ඩව චීන-ඇමරිකා සම්බන්ධතාවය ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT