Sunday, April 20, 2025
Home » ලෝකයේම වඩාත් කැමති දිවයින ශ්‍රී ලංකාවයි

ලෝකයේම වඩාත් කැමති දිවයින ශ්‍රී ලංකාවයි

by chanaka
November 7, 2024 4:36 pm 0 comment

එක්සත් රාජධානියේ සංසරණය අනුව ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරනු ලබන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ශ්‍රී ලංකාව ‘වඩාත් කැමති දිවයින'(Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගෙන ඇත.

ලන්ඩනයේ දී පැවති එම සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් සම්මානය හිමිවූ අංශයේ රිදී සම්මානය තායිවානයටද ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයටද හිමිවී තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙහි අටවැනි ස්ථානයේ රැඳුණු අතර මෙවර ප්‍රථම ස්ථානයට පැමිණීමට කැපීපෙනෙන පිම්මක් වේ.

මිලියන 3 කට අධික සංචාරකයන් විසින් ඡන්දය ප්‍රකාශ කරන ලද මෙම සම්මානය, ශ්‍රී ලංකාවේ ආකර්ශනීය භූ දර්ශන සහ ලොව පුරා සිටින අමුත්තන් වශී කරවන පොහොසත් ඉතිහාසය ඉස්මතු කරයි.

200,000කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

අනෙකුත් කාණ්ඩවලදී, ඕස්ට්‍රේලියාව වඩාත් කැමතිම රට ලෙස තේරී පත් වූ අතර, ටෝකියෝ වඩාත් කැමතිම නගරය ලෙස තේරී පත්විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT