අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචා වල වැඩි වීමක් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අදාළ පැමිණිල්ල dir.ccid@police.gov.lk යන විද්‍යුත් ලිපියනයට මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
WhatsApp ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය හරහා මෙන්ම SMS පණිවිඩ හරහා ද මෙම වංචාවන් දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් එවන් වංචනික ක්‍රියා සඳහා හසු නොවන ලෙස මහජනතාවට දැනුම් දෙයි.
මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නිවේදනය පහතින්,