Home » ලෝහාන් රත්වත්තේ සහ බිරිඳ අධිකරණයට

ලෝහාන් රත්වත්තේ සහ බිරිඳ අධිකරණයට

by yasara
November 7, 2024 11:05 am 0 comment

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙයි

නීති විරෝධි ලෙස විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට වන චෝදනාවට අදාළව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මිරිහාන පොලිසියට ලැබී තිබු තොරතුරකට අනුව මිරිහාන ප්‍රදේශයේ නිවසක ගරාජයක තිබි අති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 26 වනදා පොලිසිය සොයා ගෙන තිබිණි.

අදාළ රථය තිබූ නිවස ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් වූ එකක් බව හෙළි වී තිබෙයි.

පොලිස් භාරයට ගත් මෝටර් රථයේ එන්ජින් සහ චැසි අංක ඔස්සේ සිදුකළ විමර්ෂණවලදී එය මෙරට ලියාපදිංචි කළ රථයක් නොවන බවට තහවුරු වු බවයි පොලිසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා පළමුව අත්අඩංගුවට ගැනුනු අතර ඔහු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ද පසුව අත්අඩංගුවට ගැනුණි.

මේ අනුව ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම බන්ධනාගාර බස් රථයකින් අද දින අධිකරණයට රැගෙන ඒමටයි කටයුතු කර තිබිණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT