Home » මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

by chanaka
November 6, 2024 10:00 am 0 comment

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙන බවයි.

“2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු සම දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රධානත්වයෙන්, සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්, ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ සිටින කොමසාරිස් ජනරාල් සහ අතිරේක කොමසාරිස්වරන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තියෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින පැවැත්වීමට නියමිත මැතිවරණය අදාළ දින කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අදාළ සියලුම නිලධාරීන් සහභාගී වෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT