Home » අගමැතිනිය හා ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

අගමැතිනිය හා ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

by yasara
November 6, 2024 5:04 pm 0 comment

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.

මෙම සාකච්ඡාවේදී ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය වසර හත තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අවදානය යොමුකළ අතර, ක්‍රීඩකයින්ගේ අධ්‍යාපනයේ වැදගත්කම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි අවධාරණය කර ඇත.

මෙම අවස්ථාවට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු (මෙහෙයුම්) ඇන්ඩෲ එෆ්ග්‍රේව් මහතා (Mr. Andrew Ephgrave), ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ විජේබණ්ඩාර මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. ඉලේපෙරුම මහත්මිය සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහභාගී වී තිබෙයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT