Sunday, April 20, 2025
Home » එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා යන ගුවන් හමුදා පිරිස් විසිර යයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා යන ගුවන් හමුදා පිරිස් විසිර යයි

by yasara
November 6, 2024 4:56 pm 0 comment

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ වීසිරයාමේ  පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි .

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10  වන කණ්ඩායම  සදහා  නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 88 දෙනෙකු ඇතුලත්ව ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව  2014 වර්ෂයේ සිට මේ  දක්වා සාම සාධක රාජකාරී සදහා සම්බන්ධවිම තුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් පමණ මුදලක් මහ  භාණ්ඩාගාරය වෙත ලබා දීමට  කටයුතු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු අනුයුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින්   මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම් වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සදහා සහාය දැක්වීම  සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT