Home » වෛද්‍ය ක්‍රිෂාන්තට ස්ථාන මාරුවක් මම ගෙදර යනවා

වෛද්‍ය ක්‍රිෂාන්තට ස්ථාන මාරුවක් මම ගෙදර යනවා

-විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා

by sachintha
November 6, 2024 12:13 am 0 comment

පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.පී.ආර්. ක්‍රිෂාන්ත පෙරේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම අපේක්ෂා රෝහලට මාරු කොට යවා ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම පියවර ගෙන ඇත්තේ වෛද්‍ය එස්.පී.ආර්. ක්‍රිෂාන්ත මහතාට එරෙහි ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. ඒ අනුව නොවැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු වීම ලබා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතියට යටත්වය.

මෙම විශේෂඥ වෛද්‍යවරයා පසුගිය කාලයේදී රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට, වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට බැණ තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය නිර්මල වස්තුහේවා මහතා පවසයි. මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඊයේ (05) පෙරවරු 8.00 සිට රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීන්දු කොට තිබූ බවත් මෙම විශේෂඥ වෛද්‍යවරයා මාරු කොට ඇති බවට සඳහන් ලිපිය ලැබීම නිසා වැඩවර්ජනය නතර කිරීමට තීන්දු කළ බව වෛද්‍ය නිර්මල වස්තුහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමේදී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා මෙසේ පැවසීය.

”මම මහරගම පිළිකා රෝහල වෙත යන්නේ නෑ. මම ගෙදර යනවා. ඒ කියන්නේ විශ්‍රාම යනවා. මට වෙන තැනකට වඩා හොඳයි ගෙදර යන එක. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය හරිම වැරදි සහ එයාලා මගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ (GMOA) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාව මත. මම එයාලට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා.

ඉමදුව සමූහ – ලංකින්ද නානායක්කාර, ගාල්ල උතුර සමූහ – දික්වැල්ලේ තිලකරත්න,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT