පොළොන්නරුව පොලිස් වසමේ මුස්ලිම් කොලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (05) රාත්‍රියේ පුද්ගලයෙකු බිම වැටී සිට ඔහුගේ පුතා විසින් පොළොන්නරුව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වූ මුස්ලිම් කොලණිය, කඳුරුවෙල ලිපිනයේ පදිංචිකරුවෙකි.
මරණකරු ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු ව්‍යාපාරික ස්ථානයේ සිට තමාගේ නිවසට කාර් රථයෙන් පැමිණ ඇති බවත්, කාර් රථය පණ ගන්වා තිබියදීම ඒ ආසන්නයේ පපුවේ ලේ ගලන තුවාලයක් සහිතව වැටී සිට ඇති බවටත් අනාවරණය වන බැවින් මෙම පහරදීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලීසිය සැකකරයි.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.