Home » ජනපති අනුර ළඟට යන සහල් හා වී වාර්තාව

ජනපති අනුර ළඟට යන සහල් හා වී වාර්තාව

by chanaka
November 6, 2024 10:02 am 0 comment

මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට අද (06) භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සදහන් කරයි.

එහි ලේකම් එම්. එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 17ක සහල් හා වී තොග පිළිබඳ එම වර්තාවට දත්ත ඇතුළත් බවයි.

පාරිභෝගික කටයුතු අධිකාරීයේ නිලධාරීන් පසුගිය දිනවල එම දිස්ත්‍රික්කවල මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වී මෝල් හිමියන් සතු වී හා සහල් තොග පිළිබඳ සමීක්ෂණය කර තිබුණි.

අමාත්‍යාංශය පැවසුවේ, එම වාර්තාවේ සඳහන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉදිරි පියවර ගනු ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT