Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි

by chanaka
November 4, 2024 3:50 pm 0 comment

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අභිනව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අද (04) වැඩ භාර ගත්තේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

සුනිල් ජයරත්න මහතා වසර 37 ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු සේවය කර ඇති අතර , ඔහු වසර තුන හමාරක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කළ කීර්තිමත් නිලධාරීවරයෙකි.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT