Home » දර පැටවූ ට්‍රැක්ටරයකට යට වී 14 හැවිරිදි සිසුවෙක් මරුට

දර පැටවූ ට්‍රැක්ටරයකට යට වී 14 හැවිරිදි සිසුවෙක් මරුට

by yasara
November 4, 2024 3:18 pm 0 comment

ගල්කිරියාගම පොලිස් වසමේ, කිවුල් පිටිය හංදිය  ආසන්නයේදී පාසල් සිසුවෙකු ගමන් කළ අත්‍ ට්‍රැක්ටරයක්, පෙරලී යාම හේතුවෙන් ඊයේ (03) එම සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්කිරියාගම  පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නෑගම්පහ සිරි සුමන විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි නෑගම්පහ නාන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඒ. සෙනෙත් ඒෂාන් නැමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

පලාගල, අලියා මලගල, මාර්ගයේ කිවුල්පිටිය හන්දිය ප්‍රදේශය හරහා දර තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී, බෑවුම් සහිත වංගුවකදී රියැදුරාට ට්‍රැක්ටර් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

ට්‍රැක්ටර් රථයේ රියැදුරා, පාසල් සිසුවා සහ තවත් පුද්ගලයෙකු එම රථයේ ගමන් කර ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේදී තිදෙනාම රථයෙන් එළියට විසිවී ගොස්, දර පැටවූ ටැක්ටර් රථය එම පාසල් සිසුවාගේ ඇග මතට පෙරලී ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් බරපතල  තුවාල ලැබූ  එම සිසුවා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කැකිරාව රෝහලට ඇතුලත් කර ඇති අතර, ඒ වන විටත්  සිසුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද ( 04) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගල්කිරියාගම පොලිසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT