Home » හොංකොං රාජ්‍යයෙන් මැදවච්චිය රෝහලට රුපියල් කෝටි දෙකක්

හොංකොං රාජ්‍යයෙන් මැදවච්චිය රෝහලට රුපියල් කෝටි දෙකක්

by chanaka
November 4, 2024 12:27 pm 0 comment

මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයට රුපියල් කෝටි දෙකක් වටිනා රුධිර පිරිපහදු යන්ත්‍ර 04ක් පරිත්‍යාග කිරීම අද(04) උදෑසන සිදු විය.

පූජ්‍ය මැදවච්චිය ධම්මජෝති හිමියන්ගේ ඉල්ලීමකට අනුව හොංකොං රාජ්‍යයේ ගෝරියස් සන්ස් චැරටි ෆවුන්ඩේෂන් නැමැති බෞද්ධ සංගමයේ මූල්‍යමය ආධාර මත මෙම රුධිර පිරිපහදු යන්ත්‍ර 04 පරිත්‍ය්‍යග කෙරුණි.

56000 ට ආසන්න ජන සංඛ්‍යාවක් මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ මේ වන විට ජීවත්ව සිටිති. එම ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සපුරා ලීමේ අරමුණින් මෙම රෝහල මැදවච්චිය නගරයේ 2015 වර්ෂයේ එවක සිටි ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් ස්ථාපිත වූහ.

අවම පහසුකම් යටතේ වසර ගනනාවක සිට ජනතා සේවයක් ඉටුකළ මෙම රෝහලේ පැවැති විශාල අඩුපහඩුවක් ලෙස මෙම රුධිර පිරිපහදු යන්ත්‍ර හැදින්විය හැකිය. ඒ අනුව එම පහසුකම් ද ලබා දීම මෙම ආධාර අනුව සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පූජ්‍ය මැදවච්චිය ධම්මජෝති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එඒ.සී මලවිආරච්චි මහත්මිය සහ ව්‍යාපෘති සම්බන්ධිකාරක සමෘද්ධි මූලස්ථාන කලමණාකරු රාහුල හේරත් මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT