Home » මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

by sachintha
November 4, 2024 3:01 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා (80) රෝගාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත විය. බෞද්ධාගම සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරියකු වූ ඒ මහතා, බෞද්ධාගමට අනුව භාවනා ක්‍රම සම්බන්ධයෙන් දෙස් විදෙස් දේශන පවත්වා ඉමහත් කීර්තියක් හිමි කර ගෙන සිටියේය.ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ ඒ මහතා 1994 දී මහාචාර්යවරයකු ලෙස උසස් වීමක් ලබා පසුව පශ්චාත් උපාධි මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙසත් කටයුතු කර තිබේ.

2001දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පත් වූ ඒ මහතා, 2003 දී එම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට පත් විය. පුවත්පත් සඳහා බෞද්ධ ලිපි, සමාජ මනෝවිද්‍යාත්මක ලිපි රැසක් සැපයූ ඒ මහතා, බෞද්ධ පොත්පත් රැසක් ලියා පළ කර තිබේ. බෞද්ධ ශිෂ්ටාචාරයේ මූල ධර්ම, බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය, බෞද්ධ චින්තනය, චීන ධම්මපද කතා, බුදු සමය හා සමාජය වැනි පොත් රැසක්ද ලියා පළ කර තිබේ. මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා දරුවන් දෙදෙනකුගේ පියකු වන අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT