Monday, April 21, 2025
Home » යුනිසෙෆ් නියෝජිත ස්කූග් අගමැතිනි හරිනි හමු වේ

යුනිසෙෆ් නියෝජිත ස්කූග් අගමැතිනි හරිනි හමු වේ

by sachintha
November 4, 2024 3:08 am 0 comment

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (1) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ආරක්ෂිත ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීම ඇතුළු කාරණා පිළිබඳ මේ සාකච්ඡාවෙදී අවධාරණය කෙරුණු මේ හමුවට අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, යුනිසෙෆ් ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ සහ අධ්‍යාපන ප්‍රධානී Teona Aslanishvili, කාන්තා, ළමා හා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේශන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කේ. දයානි මෙන්ඩිස්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයමාලා සහ ප්‍රාථමික අධ්‍යාපන අතිරේක ලේකම් පී.සී.කේ. පිරිසියල මහත්ම මහත්මීහුද එක් වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT