Home » සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සිදු විය යුතු සමාජ මෙහෙවරක්

සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සිදු විය යුතු සමාජ මෙහෙවරක්

-සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ අගමැතිනිය කියයි

by sachintha
November 4, 2024 3:03 am 0 comment

සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සාමූහිකත්වයෙන් සිදු විය යුතු සේවාවක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පසුගියදා (31) හමුවූ අවස්ථවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය.

හෙද සේවාව විධිමත්, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස පවත්වාගෙන යෑමට වර්තමානයේදී බලපා ඇති ගැටලු ඔවුහු මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළහ. හෙද අධ්‍යාපනය ගෝලීය තත්ත්වයන් අනුව යාවත්කාලීන නොවීම, හෙද ව්‍යවස්ථාව සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටලු, පැවති ආණ්ඩු විසින් හෙද සභාව නොසලකා හරිනු ලැබීම, හෙද හිඟය, හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් නොවීම, ප්‍රජා සෞඛ්‍ය හෙද සේවාව නිසි ලෙස ස්ථාපිත නොකිරීම, රටේ සංවර්ධනය සඳහා ඍජුවම හෙදකම භාවිතයට නොගැනීම යන කරුණු සම්බන්ධයෙන් නියෝජිතයෝ අදහස් ප්‍රකාශ කළහ.

අගමැති ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, අගමැති පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එන්.පී. මැදවත්ත, සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි, සංවිධායක ලේකම් අමිල රත්නායක, භාණ්ඩාගාරික සුරේන් දවුලගල, අධ්‍යාපන ලේකම් ප්‍රභාත් පිලීපාන, උප සභාපති සංජීව මුණසිංහ, උප ලේකම් සමන් විජේතිලක මහත්වරුද මේ අවස්ථාවට එක් වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT