Home » ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

by chanaka
November 4, 2024 12:15 pm 0 comment

ජාතික හැදුනුම්පත සකස් කිරීම සදහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (04) එම නඩුව කැදවනු ලැබීය.

එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත් කර තබන ලෙස එහිදී විනිසුරුවරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කළේය.

එමෙන්ම, සාක්ෂි ලබා දීම සදහා 01, 04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටද එහිදී විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2004 ඔක්තෝම්බර් මස 09 වැනිදා සහ 2004 දෙසැම්බර් මස 01 වැනිදා යන කාල සිමාව අතරතුරදී ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන්වීමට හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුතකූලව සංශෝධනය කර නොතිබියදී එම නමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT