Home » පාකිස්තානයේ වායු දූෂණය ඉහළට – පාසල් වසා දැමේ

පාකිස්තානයේ වායු දූෂණය ඉහළට – පාසල් වසා දැමේ

by chanaka
November 4, 2024 9:35 am 0 comment

 

වායු දූෂණය ඉහළම මට්ටමකට යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය ඊයේ හා පෙරේදා දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව බලධාරීන් පවසයි.

අද උදෑසනත් නගරය ඝන දුමාරයකින් වැසී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

දූෂිත වායූන් හා මීදුම හේතුවෙන් මිලියන 14ක පමණ නගර වැසියන් පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බවද සඳහන්වේ.

ගුණාත්මක තත්ත්වයෙන් අඩු ඩීසල් භාවිතය / අස්වනු නෙලීමෙන් පසු ඉතුරුවන පිදුරු ගිනි තැබීම හා ශීත සෘතුවේ ආරම්භය නගරය තුළ දක්නට ඇති ඝන දුමාරය මීට හේතුවී තිබේ.

ලාහෝර් නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය සටහන් වූයේ 1,067ක් ලෙස වන අතර මීට පෙර එහි අගය දහස ඉක්මවා ගොස් තිබුණේ නැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT