Home » මිදිගම වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් 08ක් අත්අඩංගුවට

මිදිගම වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් 08ක් අත්අඩංගුවට

by chanaka
November 4, 2024 9:27 am 0 comment

මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිදු වූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීය .

මෙම ඝාතනයට යතුරු පැදියෙන් පැමිණ පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදු කළ සැකකරු අපරාධයෙන් පසු එම අවිය සහ පතරොම් 05 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 05 දෙනෙකු සහ සැකකාරියක් ඊයේ (03) වැල්ලවාය, අහංගම හා මිදිගම ප්‍රදේශ වලදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

වෙඩි තැබීමෙන් පසු අවිය ප්‍රවාහනය සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 42 ත් අතර වයස්වල පසුවන අහංගම, වැලිගම හා වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 41 ක් වන අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT