Home » තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

by chanaka
November 4, 2024 9:18 am 0 comment

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදට (04) යෙදී තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 7 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT