245
යාපනය නල්ලූර් ප්‍රාදේශීය සභාවේ වැඩ අධීක්ෂකවරයා අභිරහස් ලෙස කොණ්ඩාවිල් ප්‍රදේශයේ ස්ථානයක මියගොස් වැටී සිටියදී ඊයේ (03) කෝපායී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
කෝපායී පොලිසිය ප්‍රකාශ කළේ බාහිර තුවාල හෝ රුධිරය වහනය වීම් කිසිවක් ඔහුගේ මළ සිරුරේ දක්නට නොමැති බවයි.
ඔහු මියයාමට හේතුව හෝ මියගොස් ඇති අන්දම පිළිබදව මෙතෙක් කිසිඳු තොරතුරක් ලැබී නොමැති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
කෝපායී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.