යුද හමුදා අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා සංඥා බළකාය සමත් විය.
පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රීඩාගාරයේ පැවති තරගාවලියේ අනුශූරතාව දිනා ගැනිමට ගැමුණු හේවා බළකායට හැකි විය.
මේ තරගාවලියට සමගාමීව අන්තර් රෙජිමේන්තු බර එසවීම හා සවි එසවීමේ තරගාවලිය ද පැවැත්විණි. රෙජිමේන්තු 17ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්රීඩිකාවන් 140 දෙනෙකු සහභාගි වූ මේ තරගාවලියේ බර ඉසිලීමේ පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ ක්‍රීඩක ක්රීඩිකාවෝ සමත් වූහ. එහි පිරිමි අනුශූරතාව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සතු වූ අතර, කාන්තා අනුශූරතාව යුද හමුදා කාන්තා බළකා කාණ්ඩායමට හිමි විය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සවි ඉසවීමේ ශූරතාව සතු කර ගනිද්දී එහි අනුශූරතාව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට හිමි විය.
මේ තරගාවලියේ ජය සංකේත ප්රදානය 51 වන සේනාංකයේ සේනාංකාධිපති හා යුද හමුදා කායවර්ධන, බර ඉසිලීමේ හා සවි එසවීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජනක විමලරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.