Home » අකුණුසර වැදීමෙන් නිවෙ­සක් ගින්නට බිලි

අකුණුසර වැදීමෙන් නිවෙ­සක් ගින්නට බිලි

නිවැසි කාන්තා­වගේ උප්පැ­න්නය-හැඳු­නු­ම්පත ඇතුළු ලිය­කි­ය­විලිත් ගිනි ගත් බඩු අතර

by damith
November 2, 2024 1:16 am 0 comment

සිරි­පුර - මදු­ෂානි අබේ­සිංහ
අකුණු සැර වැදී­මෙන් ගිනි­ගෙන විනාශ වූ නිවෙස සහ උක්කු­මැ­ණිකා

දිඹු­ලා­ගල මන­ම්පි­ටිය සිංහ උදා­ගම ගම්මා­නයේ නි‍ෙව­ස­කට පෙරේදා (31) සවස අකුණුසර වැදී එම නි‍ෙවස ගිනි­ගෙන සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී ඇති බව මන­ම්පි­ටිය පොලි­සිය පව­සයි.

මෙලෙස අකුණු සැර වැදී ගිනි­ගෙන විනාශ වී ඇත්තේ සිංහ උදා­ගම ලිපි­නයේ පදිංචි තිදරු මවක වන 69 හැවි­රිදි ඩී.එම්. උක්කු­මැ­ණිකා මව්තු­මිය ජීවත් වූ නිව­සය.

අකුණු සැර වැදී ගිනි­ගත් උක්කු­මැ­ණිකා මහ­ත්මි­යගේ නි‍ෙවසේ තිබූ උප්පැන්න සහ­ති­කය, හැඳු­නු­ම්පත ඇතුළු ලියැ­කි­විලි සියල්ල විනාශ වී ඇති අතර, නි‍ෙවසේ බඩු භාණ්ඩ රැසක් ද ගින්නෙන් අළු වී තිබේ.

වර්ෂා­වත් සම­ඟින් පැමිණි අකුණ මෙම නිව­සට පතිත වී ඇති අතර, තමන් ඒ මොහොතේ නි‍ෙවසේ නොසිටි බවත්, ගම්මා­නයේ අසල නි‍ෙව­ස­කට ගොස් සිටි­යදී මෙම අකුණු සැර වැදුණු බවද උක්කු­මැ­ණිකා මහ­ත්මිය සඳ­හන් කළාය.

තමන් මේ සම්බ­න්ධව මන­ම්පි­ටිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් සිදු කළ බවත්, නැඟෙ­න­හිර මන­ම්පි­ටිය වසමේ ග්‍රාම නිල­ධා­රි­තු­මිය පැමිණ මේ සම්බ­න්ධව වාර්තා­වක් ලබා­ගත් බවද ඇය සඳ­හන් කළාය.

මීට සති­ය­කට පමණ ඉහ­තදී මන­ම්පි­ටිය මාගං­තොට ගම්මා­න­යේද නි‍ෙව­ස­කට අකුණ සැර වැදී එම නි‍ෙවස සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී තිබිණි, මන­ම්පි­ටිය පොලි­සිය මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT