දිඹුලාගල මනම්පිටිය සිංහ උදාගම ගම්මානයේ නිෙවසකට පෙරේදා (31) සවස අකුණුසර වැදී එම නිෙවස ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස අකුණු සැර වැදී ගිනිගෙන විනාශ වී ඇත්තේ සිංහ උදාගම ලිපිනයේ පදිංචි තිදරු මවක වන 69 හැවිරිදි ඩී.එම්. උක්කුමැණිකා මව්තුමිය ජීවත් වූ නිවසය.
අකුණු සැර වැදී ගිනිගත් උක්කුමැණිකා මහත්මියගේ නිෙවසේ තිබූ උප්පැන්න සහතිකය, හැඳුනුම්පත ඇතුළු ලියැකිවිලි සියල්ල විනාශ වී ඇති අතර, නිෙවසේ බඩු භාණ්ඩ රැසක් ද ගින්නෙන් අළු වී තිබේ.
වර්ෂාවත් සමඟින් පැමිණි අකුණ මෙම නිවසට පතිත වී ඇති අතර, තමන් ඒ මොහොතේ නිෙවසේ නොසිටි බවත්, ගම්මානයේ අසල නිෙවසකට ගොස් සිටියදී මෙම අකුණු සැර වැදුණු බවද උක්කුමැණිකා මහත්මිය සඳහන් කළාය.
තමන් මේ සම්බන්ධව මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත්, නැඟෙනහිර මනම්පිටිය වසමේ ග්රාම නිලධාරිතුමිය පැමිණ මේ සම්බන්ධව වාර්තාවක් ලබාගත් බවද ඇය සඳහන් කළාය.
මීට සතියකට පමණ ඉහතදී මනම්පිටිය මාගංතොට ගම්මානයේද නිෙවසකට අකුණ සැර වැදී එම නිෙවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි, මනම්පිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.