113
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්ෂයෙන් කොළඹ දිස්ත්රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම, අංකය සහ රුව සහිත ස්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි අලවා ප්රදර්ශනය වන පරිද්දෙන් මාර්ගයේ ධාවනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙම බස් රථය අත්අඩංගුවට ගෙන තිබූ අතර එම බස් රථය සහ සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.