98
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගිනිගත්හේනේ අඹගමුව සම්බෝධි භාවනා අසපුවේ ප්‍රථම කඨින පුණ්‍යෝත්සවය පසුගියදා එම භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ඉල්පේමඩ සුදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම පින්කමේ විශේෂත්වයක් වූයේ එම සම්බෝධි භාවනා අසපුව අසලින් ගලා බසිනා මහවැලි ගංගාව මත පාවෙන මංඩපයක් මතට වැඩම කරවූ සංඝයා වහන්සේලා දහවල් දානමය සහිතව කඨින පූජාව පැවැත්වීමයි.
එම පූජනීය අවස්ථාව සඳහා මහා සංඝරත්නය, අඹගමුව ගම්වාසී බෞද්ධ සැදැහැවතුන් බොහෝ පිරිසක් සහභාගි වූහ.