Monday, April 21, 2025
Home » කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරයට අඹුසැමියන් මරලා
අඹු­සැමියන් ගල් ගසා මරා දැමීමේ සිද්ධි­ය

කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරයට අඹුසැමියන් මරලා

2ක් අත්අඩංගුවට

by damith
November 2, 2024 1:20 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාප­නයේ කාර්කෝ­ව­ලම් ප්‍රදේ­ශ­යේදී අඹු­සැමි යුව­ළක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පේදු­රු­තු­ඩුව පොලි­සිය විසින් සැක­ක­රු­වන් දෙදෙ­නෙකු පෙරේදා (31) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඔවුන් දෙදෙ­නා­ගෙන් පොලි­සි­යට ලද තොර­තු­රු­ව­ලට අනුව තවත් පුද්ග­ල­යෙකු මෙම ඝාත­න­යන් දෙකට සම්බන්ධ බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති අතර මරණ දෙකම සිදු කළ ප්‍රධාන සැක­කරු දැනට අත්අ­ඩං­ගු­වට පත්ව සිටින දෙදෙනා අතර සිටින බවද පේදු­රු­තු­ඩුව පොලි­සිය විසින් හෙළි­ක­ර­ගෙන තිබේ. මරා දමන ලද අඹු­සැමි යුවළ පේදු­රු­තු­ඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩ­රය ලබා ගෙන වසර ගණ­නා­වක සිට එම කට­යුත්ත කර­ගෙන යන අතර ඝාත­කයා විසින් එම කට­යුත්ත වෙනු­වෙන් ඉදි­රි­පත් කරන ටෙන්ඩ­රය ඉවත් වෙන නිසා ලබන වස­රේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩ­රය ඔහු වෙත ලබා­ගැ­නීමේ යටි අර­මු­ණෙන් මේ දෙදෙනා ඝාත­නය කළ බවට ප්‍රධාන සැක­කරු පොලි­සි­යට පාපො­ච්චා­ර­ණය කොට ඇත. ඔහුට හිත­වත් අනෙක් දෙදෙනා එම ඝාත­න­යන් දෙක සිදු කිරීම පිණිස අත්උ­දව් ලබා දී තිබේ.

මෙම ප්‍රධාන ඝාත­ක­යාට එරෙ­හිව මීට පෙර මිනී­මැ­රුම් චෝද­නා­වක් හා මවට පහර දී මරා දැමී­මට සූදා­නම් වූ බවට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් යාප­නය අධි­ක­ර­ණයේ නඩු දෙකක් ද ඇති අයෙකි.

යාප­නයේ පේදු­රු­තු­ඩුව පොලිස් වසමේ කාර්කෝ­ව­ලම් පුනි­ත­න­ගර් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 53 හැවි­රිදි මානි­ක්කම් සුබ්‍ර­ම­නි­යම් නමැති අය හා ඔහුගේ බිරිය වන 51 හැවි­රිදි මේරි රීටා නැමති දෙදෙ­නාව ඝාත­නය කොට තිබුණේ ඔවුන් දෙදෙනා නි‍ෙවසේ නිදා සිටි­යදී විශාල ප්‍රමා­ණයේ කොන්ක්‍රීට් ගල් කීප­ය­කින් ඔවුන් දෙදෙ­නාගේ ඔලු­ව­ලට පහර දීමෙනි. රෝහලේ රෙදි සේදී­මට අදාළ පුද්ග­ලයා නොපැ­මිණි අව­ස්ථා­වේදී ඔහු වෙත ලබා දුන් දුර­ක­තන ඇම­තු­ම්ව­ලට පිළි­තුරු නොදීම නිසා රෝහල් සේව­ක­යෙකු රෙදි සෝද­න්නාගේ නි‍ෙව­සට පැමිණ බලන විට අඹු සැමි යුවළ නිදි පැදු­රේම මරා දමා සිටිනු දැක තිබේ.

ඔහුගේ ප්‍රකා­ශය රෝහ­ලට ලැබුණු පසුව රෝහල් බල­ධා­රීන් පේදු­රු­තු­ඩුව පොලි­සිය දැනු­ම්වත් කිරී­මෙන් පසුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ ආරම්භ කෙරුණි. මරණ දෙක සම්බ­න්ධ­යෙන් යාප­නය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යු­තු­ව­ලින් පසුව මළ­සි­රුරු දෙක අව­සන් කට­යුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත භාර දී ඇති අතර දැනට අත්අ­ඩං­ගු­වට ගෙන සිටින සැක­ක­රු­වන් දෙදෙනා පේදු­රු­තු­ඩුව අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට පේදු­රු­තු­ඩුව පොලි­සිය පිය­වර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT