Sunday, April 20, 2025
Home » රදැල්ලේ අනතුරකින් අයෙක් මරුට – 19කට තුවාල

රදැල්ලේ අනතුරකින් අයෙක් මරුට – 19කට තුවාල

by chanaka
November 2, 2024 11:10 am 0 comment

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදි සිදු අනතුරකින් 20 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය පොලිසිය පවසයි.

කල්මුණේ සයින්දමර්දු සිට නුවරඑලිය දක්වා සංචාරයක් සඳහා පිරිසක් රැගෙන ධාවනය කල වෑන් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ (01) රාත්‍රි 8 ට පමණ මෙම අනතුර සිදු වි තිබේ.

අධික බැවුමක් සහිත එම ප්‍රදේශයේදි ධාවනය වු ලොරි රථයේ තිරිංග හදිසියේ ක්‍රියා විරහිත විම නිසා නුවරඑලිය දෙසට ධාවනය වු වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක් නුවරඑලිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, වෑන් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි 18 දෙනෙකු ගමන් කර ඇති බවත්, ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයාද අනතුරෙන් තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

අනතුරෙන් ලොරි රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ති‌බේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT