Home » Lina Manufacturing ලෝක පෙණහලු දිනය සමරයි

Lina Manufacturing ලෝක පෙණහලු දිනය සමරයි

by damith
November 2, 2024 1:15 am 0 comment

සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙණහලු දිනය සහ ශ්‍රී ලංකා පෙණහලු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. ශ්‍රී ලංකා පෙණහලු විශේෂඥයින්ගේ විද්‍යාලයේ මෙවර තේමාව වූ ‘ශ්වසන සෞඛ්‍යයේ වැදගත්කමඃ නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය උදෙසා’ යටතේ පසුගියදා කොළඹදී පැවති මෙම උත්සවයට එම විද්‍යාලයේ කවුන්සිල සාමාජිකයින්, හිටපු සභාපතිවරුන් සහ සාමාජිකයින් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 75කට අධික පිරිසක් සහභාගී විය.

මේ වසරේ ලෝක පෙණහලු දිනය සඳහා වන තේමාව වන “සැමට සුපිරිසිදු වාතය සහ නීරෝගිමත් පෙණහලු” යන්නෙන් නිරෝගිමත් පෙණහලු පවත්වා ගැනීම සඳහා පිරිසිදු වාතය කෙතරම් වැදගත් ද යන්න අවධාරණය කරන අතර Lina Manufacturing ඒ සඳහා උපකාරී වන නව්‍ය ශ්වසනය ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් නිරන්තරයෙන් සහාය දක්වයි. ජාත්‍යන්තර ශ්වසන සමාජ සංසදය (FIRS) විසින් මෙහෙයවනු ලැබූ මෙවර වැඩසටහන මගින් සෑම වසරකම මිලියන 7ක පමණ මරණ සඳහා හේතු වන සහ ඇදුම සහ නිදන්ගත බාධාකාරී පෙණහලු රෝග (COPD), පෙණහලු පිළිකා සහ ශ්වසන ආසාදන වැනි රෝග සඳහා හේතු වන වායු දූෂණයේ බලපෑම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

මෙම උත්සවය අමතමින් අදහස් දැක් වූ Lina Manufacturing හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ටී. සයාන්ධන් මහතා පැවසුවේ “මෙම වැදගත් අවස්ථාවට සහහභාගී වීම සහ නීරෝගිමත් ශ්වසන සෞඛ්‍යයක් පවත්වා ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පෙණහලු විශේෂඥයින්ගේ විද්‍යාලය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අප ගෞරවයක් කොට සලකනවා. වායු දූෂණය නිසා මහජන සෞඛ්‍යයට ඇති කරනු ලබන සැලකිය යුතු බලපෑම්වලට විසඳුම් ලබා දීමටත් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුපිරිසිදු වාතය සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදාකර දීම සඳහාත් අප අඛණ්ඩව කැපවනවා” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT