50
නැඟෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට පෙරේදා (30) ඇදහැලුණු අධික වර්ෂාවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවිය. එම ප්‍රාන්තයේ නගර රැසක් යට කරමින් ගලා ගිය ගංවතුර සුනාමියකට සමාන බව ඇසින් දුටුවන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇති අතර, ස්පාඤ්ඤයේ එවැනි ගංවතුරක් හටගෙන ඇත්තේ වසර 51කට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනූපස්දෙනකු ගංවතුරට හසුවී ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් පිරිසක් අතුරුදන්වී ඇති බැවින් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ. ගංවතුර තත්ත්වය පහව යෑමෙන් පසු වැලෙන්සියා ප්‍රාන්තයේ වීදියක මෝටර් රථ ගොඩ ගැසී තිබෙන අයුරු වැසියකුගේ නිරීක්ෂණයට ලක්වූ ආකාරය ඡායාරූපයෙන් දැක්වෙයි. ඡායාරූපය – AFP