Home » යුද හමුදාවේ නිලක්ෂිකාගෙන් පළමු පෙළ තරගයකදී වාර්තාගත ප්‍රහාරයක්

යුද හමුදාවේ නිලක්ෂිකාගෙන් පළමු පෙළ තරගයකදී වාර්තාගත ප්‍රහාරයක්

පන්දු 110කදී හයේ 6යි හතරේ 17යි ලකුණු 189යි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

ප්‍රිනස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිලේ නිලක්ෂිකා ද සිල්වා නොදැවී ලකුණු 189ක් ලබා පළමු පෙළ තරගයකදී වාර්තාගත ප්‍රහාරයක නිරත වෙයි. 35 හැවිරිදි නිලක්ෂිකා ද සිල්වා පානදුර සාන්ත අන්තෝනි කාන්තා විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීරණ වී ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකාරිනියක් ලෙස ක්‍රීඩා කරන්නීය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ටැමිල් යූනියන් පිලට එරෙහිව පන්දු 110කදී හයේ පහර 6ක් හා හතරේ පහර 17ක් සමඟ නිලක්ෂිකා ද සිල්වා මෙම දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර එය මෑත කාලයේ පළමු පෙළ තරගයකදී වාර්තාවු වැඩිම ලකුණු ගණන වේ. යුද හමුදා පිලේ නිමේෂා මධුෂාණි ලකුණු 7කට කඩුලු 4ක් බිඳහෙළා ගැනීමත් සමඟ යුද හමුදාවට ලකුණු 319ක දැවැන්ත ජයක් හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 375 (ඕවර් 50)

අනුෂ්කා සංජීවනී 22, ඉමල්කා මෙන්ඩිස් 16, නෙත්මි පූර්ණා 67, නිලක්ෂි ද සිල්වා නොදැවී 189, උදයංගනී ද සිල්වා 43, අතිරේක 20 ( දිනිති නාගසිංහ 49/1)

ටැමිල් යූනියන් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 57 (ඕවර් 25.4)

යෙනුලි සත්නදී 22, වරුණි සුභාෂිණී 11, අතිරේක 18 ( නිමේෂා මධුෂාණි 7/4, අචිනි කුලසූරිය 21/2, සඳනි ද සිල්වා 10/2)

කෝල්ට්ස් පිලට කඩුලු 2ක ජයක්

බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයේදී නිලක්ෂි කාවින්ද්‍යා කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල වෙනුවෙන් ලකුණු 35ක් හා ප්‍රතිවාදී කඩුලු 2ක් බිඳහෙළා දස්කම් දැක්වූවාය.

එස්එස්සී කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 135 (ඕවර් 49)

ඉරේෂා ශ්‍යාමලී 10, අසෙනි තලගුණේ 18, හිරුණි දිසානායක 23, රංගිකා ප්‍රනාන්දු 20, නදීෂා දිල්රුක්ෂි 15, අතිරේක 23 ( චමරි ලක්ෂාණි 28/2, නෙත්මි සංජනා 18/2, දුලංගා දිසානායක 16/2, නිලක්ෂි කාවින්ද්‍යා 29/2)

කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 8ක් දැවී ලකුණු 136 (ඕවර් 41.1 )

පබසරා දෙව්මිණි 11, නිලක්ෂි කාවින්ද්‍යා 35, දුලංගි දිසානායක 16, සඳලි සෙනාරා නොදැවී 11, උදේනි කුරුප්පුආරච්චි නොදැවී 16, අතිරේක 28 ( හානිකා සත්‍යාංගනී 20/2, නිරාෂා ගිම්හානි 8/2)

නාවික හමුදාවට ලකුණු 235ක ජයක්

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී හර්ෂිතා සමරවික්‍රම අර්ධ ශතකයක් වාර්තා කළ අතර, සත්‍යා සංදීපනී, ඉනෝකා රණවීර හා රශ්මි සිල්වා කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල කඩුලු 7ක් දැවී ලකුණු 295 (ඕවර් 50)

හසිනි පෙරේරා 48, ප්‍රසාදිනී වීරක්කොඩි 23, හර්ෂිතා සමරවික්‍රම 78, සත්‍යා සංදීපනී 41, නිලක්ෂණා සඳමිණි 34, රශ්මි සිල්වා නොදැවී 29, අතිරේක 30 ( නෙත්මි උපේක්ෂා 46/2, ධනුලි තෙන්නකෝන් 58/2)

කුරුණෑගල තරුණ ක්‍රිකට් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 60 (ඕවර් 39.2)

දින්‍යා ගමගෙදර 14, දනෝද්‍යා සෙව්මිණි නොදැවී 21, අතිරේක 10 (සත්‍යා සංදීපනී 14/2, ඉනෝකා රණවීර 12/2, රශ්මි සිල්වා 13/2)

ගුවන් හමුදාවට කඩුලු 9ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගුවන් හමුදා කාන්තා පිලේ මල්ෂා ෂෙහානි නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළාය.

කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල ලකුණු 72 (ඕවර් 42.3)

ලිමී තිලකරත්න 13, නෙත්මි විදුෂිකා 17, අතිරේක 11 (අමා කාංචනා 8/3, ඉනෝෂි ප්‍රනාන්දු 9/3)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල කඩුලු 1ක් දැවී ලකුණු 73 (ඕවර් 9.3)

සඳුනි අබේවික්‍රම 12, මල්ෂා ෂෙහානි නොදැවී 60

හලාවත මේරියන්සි පිලට කඩුලු 4ක ජයක්

එන්සීසී පිටියේ පැවැති තරගයේදී හලාවත මේරියන්ස් කාන්තා පිලේ කවීෂා දිල්හාරි ලකුණු 9කට කඩුලු 4ක් බිද හෙලා දස්කම් දැක්වූවාය.

එන්සීසී කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 85 (ඕවර් 40.1)

හර්ෂණී විජේරත්න 18, ඉෂිනි සොයිසා 10, අතිරේක 28 (කවීෂා දිල්හාරි 9/4, සඳුනි නිසංසලා 12/2, සුලේෂා සත්සරණි 11/2)

හලාවත මේරියන්ස් කාන්තා පිල කඩුලු 6ක් දැවී ලකුණු 86 (ඕවර් 19.5) දෙව්මි විහංගා 13, කවීෂා දිල්හාරි 20, මනුදි නානායක්කාර 13, අතිරේක 16 ( රශ්මි තාරුකා 17/2, මල්ෂා නිරාෂා 36/3)

පානදුරට කඩුලු එකක තියුණු ජයක්

පානදුර මහජන ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ පානදුර ක්‍රීඩිකාවෝ කඩුලු එකක තියුණු ජයක් වාර්තා කළහ. මෙහිදී පානදුර කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් යසන්ති හේරත් බදුරලිය පිලේ කඩුලු 3ක් ලකුණු 8කට දවාගත් අතර, අවසන් පිතිකාරිනිය ලෙස පිටියට පිවිස පැයකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 49කට මුහුණදී නොදැවී ලකුණක් ලබා ගත්තාය.

බදුරලිය කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 73 (ඕවර් 31.4) නෙතඟි ඉසුරංජලී 18, (සාවින්දි කුරේ 10/4, යසන්ති හේරත් 8/3)

පානදුර කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9ක් දැවී ලකුණු 74 (ඕවර් 31.3) රශ්මිකා සෙව්වන්දි නොදැවී 43 (රශ්මි නේත්‍රාංජලී 9/3, ශෙහාරා ඉඳුවරී 28/3)

ඒස් කැපිටල් පිලට කඩුලු 8ක ජයක්

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති ඒස් කැපිටල් හා බීආර්සී කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ඒස් කැපිටල් පිලට කඩුලු 8ක ජයක් හිමි වුණි.

බීආර්සී කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 77 (ඕවර් 45.2) මිහින්දි ආරච්චිගේ 10 (දැහැමි සෙනෙත්මා 19/2, සුගන්දිකා පතිරණ 10/2, ජනාදි අනාලි 10/2, දේවගී ජෙගනාදන් 11/2)

ඒස් කැපිටල් කාන්තා පිල කඩුලු 2ක් දැවී ලකුණු 78 (ඕවර් 19) හෂිනි ඉන්ඳ්‍රජිත් නොදැවී 32, දැහැමි සෙනෙත්මා නොදැවී 24

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT