78
අන්තර් රෙජිමේන්තු තුන්ප්රයාම තරගාවලියේ ශූරතාව යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව දිනා ගත්තේය. යුද හමුදා තුන්ප්රයාම ක්රීඩා කමිටුව විසින් සංවිධානය කළ ඇඹිලිපිටිය, චන්ද්රිකා වැව් තාවුල්ල අසල ඉකුත්දා පැවැති මෙම තුන්ප්රයාම තරගාවලියට මීටර් 750ක පිහිනුම් ඉසව්වක්, කිලෝමීටර් 20ක බයිසිකල් ධාවන ඉසව්වක් සහ කිලෝමීටර් 5ක දිවීමේ ඉසව්වක් ඇතුළත් විය.
මේ සඳහා යුද හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ 60කට වැඩි පිරිසක් සහභාගි වූහ. සමස්ත තරගාවලියේ අනුශුරතාව ශ්රී ලංකා විදුලි හා යාන්ත්රික ඉංජිනේරු රෙජිමේන්තුවට හිමිවිය.