Home » මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ජයග්‍රහණ රැසක්

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ජයග්‍රහණ රැසක්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

මීගහතැන්න සමූහ
ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩකාවන් පදක්කම් ද සමඟ විදුහල්පති රන්දුනු ජයලත් මහතා සහ ක්‍රීඩා භාර ගුරුභවතුන් සමඟ

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කළුතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අබිබවා මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල මීටර් 100, මීටර් 200 සහ කිලෝමීටර් 5 යන ධාවන තරග සියල්ලේ රන් පදක්කම් හිමි කර ගැනීමට සමත්ව තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති එම මලල ක්‍රීඩා තරගාවලියට අමතරව 16න් පහළ බාලිකා වූෂු කිලෝග්‍රෑම් 65 – 70 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ දිසිනි තිනෙත්මා සමත් වූවාය. මීටර් 100 සහ මීටර් 200 ධාවන තරග ඉසව්වේ රන් පදක්කම් එම විද්‍යාලයේ බිගුමිණ ආදිත්‍ය හිමිකරගත් අතර, බස්නාහිර පළාත් මලල ක්‍රීඩා උ‍ලෙළේ මීටර් 1500 විනාඩි 5.15කින් සහ මීටර් 800 විනාඩි 2.25කින් නිම කර ප්‍රථම ස්ථාන දිනාගැනීමට එම්.ඩී. තරුෂි ඔදාරා සමත්වූ අතර, එම තරගාවලියේ මීටර් 800 දෙවැනි ස්ථානය යේෂ් මධුරට හිමි විය. බැංකොක් නුවර පැවති ලෝක යොවුන් මුන්තායි ශූරතාවලිය නියෝජනය කළ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලේ හිරූෂ ලක්විදු කිලෝග්‍රෑම් 32 බර පන්තියේ අනුශූරතාව හිමි කර ගැනීමට සමත් විය. එම තරගාවලියේ කිලෝග්‍රෑම් 67 බර පන්තියේ අනුශූරතාව එම විද්‍යාලයේම නිමේෂා සෙවිමිණි දිනාගත් අතර, බස්නාහිර පළාත් අවුරුදු 20න් පහළ බාලිකා කබඩි ශූරතාව ද සතු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT