Home » සයින්දමරුදු පාසල්වල අසීරුතා ඇති සිසුන්ට ආධාර

සයින්දමරුදු පාසල්වල අසීරුතා ඇති සිසුන්ට ආධාර

by mahesh
November 1, 2024 1:00 am 0 comment

දෙහිවල - ගල්කිස්ස සමූහ අෂ්රෆ් ඒ. සමාද්

සයින්දමරුදු අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල ඉගෙනුම ලබන අසරණ සිසුන් වෙත ඉගෙනුම් ආධාරක බෙදා දීම සඳහා ‘සදකා බුලටින්’ සුබසාධන පදනම මඟින් 2024 ඔක්තෝබර් 22 වන දින සයින්දමරුදු අල් හිලාල් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවයක් සංවිධානය කර තිබිණ.

සිසුන් 600ක් සඳහා මෙම ඉගෙනුම් ආධාරක බෙදා දෙන ලදී. මෙම උත්සවයේ මුලසුන දැරුවේ ඉංජිනේරු එම්.සී. කමල් නිශාත්, සඳකා බුලටින් සුබසාධන පදනමේ නියෝජිත නැඟෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක යන මහත්වරුන්ය. කල්මුණේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහුතුල් නජීම්, අම්පාර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ඒ.එම්. සහීර්, සයින්දමරුදු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අස්මා මලීක් සහ යූ.එල්. නසාර් මහත්ම මහත්මීන් ද මේ සඳහා එක්ව සිටියහ. මෙහිදී පළාත් මට්ටමේ බාලක ක්‍රීඩා තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගත් සිසු සිසුවියන්ට සහතික පත්‍ර සහ සමරු තිළිණ ප්‍රදානය කෙරිණ. එමෙන්ම 2024 සමස්ත ලංකා ICT Scratch Championship තරගාවලියේ පළමු 10 දෙනා අතරට පැමිණි එම්.එම්. මොහොමඩ් හසීබ් සහ වෆා අහමඩ් වෙත ද සහතික සහ සමරු තිළිණ පිරිනැමිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT