Home » මෝටර් රථයකින් කසිප්පු ඇද්ද සැකකරු පොලිස් දැලේ

මෝටර් රථයකින් කසිප්පු ඇද්ද සැකකරු පොලිස් දැලේ

by mahesh
November 1, 2024 1:00 am 0 comment

පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ

මෝටර් රථයකින් සැක නොසිතන ලෙස කසිප්පු ප්‍රවාහනය කළ සැකකරුවකු පෙරේදා (30) ස්ප්‍රීතු බෝතල් 100ක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මුන්දලම පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම විහේන්කට්ටුව ප්‍රදේශයෙ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු කලක සිට කසිප්පු ජාවාරම ජයටම සිය ඉඩමේ පවත්වගෙන ගොස් ඇති බවත්, එසේ පෙරන ලද ස්ප්‍රීතු විවිධ ප්‍රදේශවලට ඔහුගේම මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත අදාළ සැකකරු මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ නීති විරෝධී කසිප්පු පෙරීමේ ස්ථානය වටලා එහි තිබූ පෙරන උපකරණ බැරල් ඇතුළු දෑ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT