Home » විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ළමා දින සැමරුමක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ළමා දින සැමරුමක්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

යටියන්තොට විශේෂ සමන් එස්. රත්නායක.

‘යටියන්තොට සවිය’ කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යාපනය හදාරන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණ හා ළමා දින සැමරුමක් ඉකුත් දා යටියන්තොට නන්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. එම දරුවන්ගේ කුසලතා එළිදැක්වීමට වේදිකාව විවෘත වූ අතර මේ අවස්ථාවට මවුපියන්, ප්‍රදේශවාසීහු ඇතුළු බොහෝ පිරිසක් ද එක්ව සිටියහ.කුසලතා දැක්වූ දරුවන්ට සහතික හා ත්‍යාග පිරිනැමීම ද සිදු විය. යටියන්තොට ප්‍රාදේශීය ලේකම් අනෝමා දිසානායක මහත්මියගේ මඟපෙන්වීමෙන් සමාජ සේවා නිලධාරී තුෂාරි නිල්මිණි ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT