Home » අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්

අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්

by chanaka
November 1, 2024 3:05 pm 0 comment

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට(01) යෙදී තිබේ.

අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දී ඒ සඳහා පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ පළමු දිනය ලෙස පසුගිය 30 වැනිදා වෙන්කර තිබුණි.

මෙවර මහ මැතිවරණයේ දී රාජ්‍ය සේවකයින් 7,38,050ක සංඛ්‍යාවක් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර 30 වනදා සහ අද (01) දිනයේ තැපැල් ඡන්දය සලකුණු ඉකිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින් හට ලබන 07 සහ 08 යන දෙදින ද ඒ සඳහා වෙන්කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT