Home » හිටපු මන්ත්‍රීවරුන් නැවත එන්න ගේම් ගහනවා

හිටපු මන්ත්‍රීවරුන් නැවත එන්න ගේම් ගහනවා

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී ලංකා ඩී. ජයවර්ධන

by mahesh
November 1, 2024 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

හිටපු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද නැතුව ඉන්න බැරි නිසා නැවතත් පාර්ලිමේන්තුවට එන්න ගේම් ගහනවා යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක, මාධ්‍යවේදී ලංකා ඩී. ජයවර්ධන මහතා පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“පාර්ලිමේන්තුව නියෝජනය කළ පැරණි දේශපාලනඥයන් නැවතත් පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරනවා. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කරනවා. ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ජනතාව සමඟ සිටියා නම් මේ වෙලාවේ නැවත පාර්ලිමේන්තුවට පත්වෙන්න ගේම් ඕන නෑ. මේ අය පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරන්නේ ජනතාවට සේවය කරන්න නොව කළ යම් යම් නීති විරෝධී දේවලින් ගැලවෙන්න සහ වරප්‍රසාද භුක්ති විඳින්න.

ජනතාවගේ මනාපයෙන් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නෑ. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්. රජයේ සේවකයන් අවුරුදු තිහක් හතළිහක් රටට සේවය කර විශ්‍රාම වැටුපක් ගන්න කොට මේ අය ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන්න පත්වෙලා විශ්‍රාම වැටුපක් ගන්නවා. මේවා වැරදියි.

මාධ්‍යවේදීන් මැතිවරණවලට ඉදිරිපත් වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මාධ්‍ය ආයතන ස්වාධීන වෙන්න ඕනේ. මෑතක ඉඳන් මාධ්‍ය ආයතනත් ඡන්දය ඉල්ලනවා. මේවාට නීති සකස් වෙන්න ඕනෙ. මම නියෝජනය කරන පළාත කෘෂිකර්මයට ප්‍රචලිතයි. අපි ජීවත් වෙන්නේ කෘෂිකර්මන්තය එක්ක බැඳිලා. මේ වෙන තෙක් කෘෂිකර්ම නිලධාරීන්ට බැරි වුණා රටට අවශ්‍ය ප්‍රමාණයට භෝග වගා කරන්න. අද තාක්ෂණය දියුණුයි. කන්න එකට වගා කළ යුතු භෝගය සහ ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. නමුත් සිද්ධ වෙන්නේ එකම භෝගය වගා කිරීමයි. එයින් ගොවියාට ඇති සෙතක් නෑ. අතිරික්ත නිෂ්පාදන නිකරුණේ කුණු වෙනවා. හොඳ බීජ ලැබෙන්නෙත් නෑ. අපි පොඩි කාලේ දැකපු කෘෂිකර්ම ප්‍රතිපත්තිමයි අදත් දකින්න තියෙන්නේ. හිටපු පාලකයන් මේවා වෙනස් කළේ නෑ. රට හදන්න නම් අපි හරි මේ දේවල් වෙනස් කරන්න ඕනේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT