අවුරුදු දාහතක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසු බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව 1999 වර්ෂය වන විට තිබුණේ පිරිහෙන ජනප්‍රියතාවක් සමඟය. වයඹ පළාත තුළ පැවති පළාත් සභා මැතිවරණයේදී දූෂිත සහ මැරකම් ඉහළ යෑම නිසා සමාජය තුළ සිටි මැදහත් උගත් පිරිස් අතර ආණ්ඩුව කෙරෙහි තිබූ ජනප්‍රියත්වය ගිලිහී ගියේය. ඉන්පසු පැවති බස්නාහිර, දකුණ වැනි පළාත් සභා මැතිවරණවලදී තනි පක්ෂයක් ලෙස ආණ්ඩුව වැඩි ආසන ගණනක් දිනා ගත්ත ද බහුතර බලයක් නොලැබුණි.
ඉන්පසු පැවති ජනාධිපතිවරණය එවකට සිටි ජනාධිපතිනිය ජය ගත්ත ද එයට හේතු වූයේ ආණ්ඩුවේ ජනප්‍රියතාවයට වඩා ජනාධිපතිවරියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බය නිසා ඇති වූ සමාජ කම්පනය බව සඳහන් කිරීම නිවැරදි වනු ඇත. ඉන්පසු 2000 වසරේදී මහ මැතිවරණයක් පැවති අතර ඒ මැතිවරණයේදී පාලක පොදු පෙරමුණ ජය ගත්ත ද කළුතර, කොළඹ, බදුල්ල, මාතලේ හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කයන් ආණ්ඩුව පරාජය වූ අතර, මුස්ලිම් කොංග්‍රසයේ අෂ්රොෆ් මහතා නිර්මාණය කළ ජාතික සමඟි පෙරමුණ සමඟ සන්ධානගතව ආණ්ඩුවක් පිහිටුවීමට පොදු පෙරමුණට හැකියාව ලැබුණි.
එහෙත් ඒ වන විට කටුනායක ගුවන්තොටුපොළට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඇතුළු කරුණු නිසා මෙරට ආර්ථිකය ඉතාමත් පහළ අගයකට වැටී තිබුණි. ඒ නිසා රටේ උද්ධමනය ඉහළ ගොස් රටම දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබුණි. ආණ්ඩුව පිහිටුවා ඉතා කෙටිකලකින්ම අභ්‍යන්තර ආරවුල් ඇති වූ අතර ඒ නිසා විවිධාකාර දේශපාලන දෙදරීම් ඇතිවිය. අභ්‍යන්තර හා අන්තර්ජාතික වෙළෙඳ වාණිජ කටයුතු, නාවික සංවර්ධන හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධුරය දැරූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා 2001 ජුනි මාසයේදී අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම අර්බුදයේ ආරම්භය විය. ඒ සමඟම මුස්ලිම් කොංග්‍රසයේ හා ජාතික සමගි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගත්හ. මේ නිසා විපක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 115 දක්වා වැඩි වූ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 109 දක්වා අඩු විය.
ඒ සමඟම රටේ විශාල දේශපාලන අස්ථාවර තත්ත්වයක් ඇති වූ අතර, පාලක සභාගය කඩාවැටෙන තරමටම වැඩ සිදු වෙමින් තිබුණි. එහෙත් සරල බහුතරයට තවත් ආසන තුනක් අහිමිව තිබුණි. ඒ මොහොත වන විට ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන දහයක් හිමිව තිබුණි. ඔවුන් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටියහ.
එහිදී එවකට චන්ද්‍රිකා මහත්මියගේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණ සමඟ අලුත් එකමුතුවක් සූදානම් කළේය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගත් අතර, එය ප්‍රකට වූයේ පරිවාස ගිවිසුම ලෙසිනි. එම ආණ්ඩුව හඳුන්වනු ලැබුවේ පරිවාස ආණ්ඩුව ලෙසිනි. එය අවුරුද්දකට සීමා වූ සීමිත වැඩපිළිවෙළක් විය. ස්වාධීන කොමිෂන් කිහිපයක් පිහිටුවීම ඇමැති මණ්ඩලය විස්ස දක්වා අඩු කිරීම ඒ යෝජනා අතර තිබුණි. පරිවාස ආණ්ඩුව නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය හේතුවෙන් රජය පවත්වා ගැනීමට හැකි විය.
තවද විධායක ජනාධිපති බලතල යම් ප්‍රමාණයකට හෝ කප්පාදු කිරීමට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පරිවාස ආණ්ඩුව 2001 වසරේ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ ජවිපෙ බලපෑමෙන්ය. වෙනම රාජ්‍යයකට සමාන අන්තර්කාල පරිපාලන සභාවක් සඳහා වූ යෝජනාව ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ යෝජනා පිළිගනිමින් එජාප ආණ්ඩුව සාම සාකච්ඡා ඔස්සේ යන්නට ගිය අනතුරුදායක ගමන 2003 දී වැළැක්වූයේ ද සුනාමි සහන මණ්ඩලය හරහා එල්ටීටීඊයට උතුර – නැඟෙනහිර පරිපාලන බලතල ලබාදීම අධිකරණයට ගොස් වැළැක්වූයේද ජවිපෙ විසින්ය. ඉන්දු – ලංකා ගිවිසුමෙන් ඒකාබද්ධ කළ උතුර -නැඟෙනහිර පළාත් යළි වෙන්කිරීමට අධිකරණ තීන්දුවක් ගැනීමට ජවිපෙ මැදිහත් වූ අතර අද උතුර හා නැඟෙනහිර නමින් පළාත් සභා දෙකක් පවතින්නේ ඒ අනුවය.

චන්ද්‍රිකා කුමාරතුංග , මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, විමල් වීරවංශ
2001 පැවැති පළාත් පාලන මැතිවරණයෙදී ජවිපෙට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය හිමි දිවයිනේ හොඳම ප්‍රාදේශීය සභාවට හිමි රාජ්‍ය සම්මානය ද එවකට තිස්සමහාරාමයට ලැබිණි.
ඒ කෙසේ වුවද පරිවාස ආණ්ඩුවෙන් අමාත්‍ය ධුර 44ක් 20ක් දක්වා අඩු කිරීම මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු 35ක් 20 දක්වා අඩු කිරීමටද පරිවාස ආණ්ඩු කැබිනට් සංශෝධනය තුළින් සිදු විය. එතෙක් ඇමැතිවරුන් වශයෙන් ක්‍රියා කළ ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනකු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස පත්කිරීමත් නියෝජ්‍ය ඇමැතිවරුද 20 දෙනකු පමණක් පත් කළ නිසා 35ක් වූ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවෙන් විශාල පිරිසකට තනතුරු අහිමි වීමත් අභ්‍යන්තර අර්බුද උග්‍ර කිරීමට හේතු විය. මේ තත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් ධුරයෙන් එස්. බී. දිසානායක මහතා ඉවත්කර ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කිරීම සිදු විය. එය සිදු වූයේ 2001 ඔක්තෝබර් 08 වැනිදා ය. තවද පොදු පෙරමුණු මන්ත්‍රීන් 08 දෙනෙක් විපක්‍ෂයට එක් වූහ. ඒ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩුවෙන් ඉවත් විය. කථානායක අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී පොදුජන එක්සත් පෙරමුණට එක්විය. මේ තත්ත්වය තුළ තවදුරටත් ආණ්ඩුව පවත්වා ගෙන යෑමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් නොමැති වූයෙන් ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.
එම්. තාරික්